ආයෙත් රටම කළඹන අධ්‍යාපන වෙනසක් - අකුලපු 6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ හරිනි යළි දිගාරියි
මෙරට අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂී වෙනසක් සනිටුහන් කරමින්, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම වසරේ සිටම 6 ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසා ඇත.
ඒ අනුව ඇය මේ බව සඳහන් කළේ, අද (29) දින රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 2026 පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවයට එක් වෙමින්.
අඳාළ ජාතික උත්සවය 'අනාගතයට පළමු පියවර' යන තේමාවෙන් අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදීයි පැවැත්විය.
එසේම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ පළමු වසරට ඇතුළත් වන සියළු දරුවන් වෙනුවෙන් සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ කිසිදු දරුවකුගේ අධ්‍යාපනය තම දෙමාපියන්ගේ ආර්ථිකය මත තීරණය නොවිය යුතු අතර කිසිදු දරුවෙකු අධ්‍යාපනයෙන් පිටමං නොවිය යුතු බව රජය විශ්වාසය කරන බවයි.