දරුවන්ට කරපු පහත් දේ ගැන උලපනේ හිමි CID එකෙන් එළියට ඇවිත් දෙසයි

Report

හය ශ්‍රේණියට අදාළ ඉංග්‍රීසි මොඩියුල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (22) දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඉන් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව උන්වහන්සේගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උලපනේ හිමියන් සඳහන් කළේ, දරුවන්ගේ අනාගතය විනාශ කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිදු කර ඇති බව‍යි.

මොඩියුලයේ අසභ්‍ය අඩවිය හෙලිකල සුමංගල හිමිට CID එන්නයැයි නියෝග

මොඩියුලයේ අසභ්‍ය අඩවිය හෙලිකල සුමංගල හිමිට CID එන්නයැයි නියෝග

ඒ, "මේක නිලධාරින් මට්ටමින් සිදු‌ වෙච්ච වරදක් නෙවෙයි. මේක පැහැදිලිව සැලැසුම්සහගතව කරපු දෙයක්. දරුවන්ට මොඩියුල එකක් හෝ විෂය නිර්දේශයට අදාළ පොතක් ප්‍රින්ට් කරලා එළියට එනවා කියන්නේ, ඉතා දීර්ඝ ක්‍රියාවලියක්. ඒ ක්‍රියාවලියේ අඩුම ගාණේ දහ පහළොස්වතාවක්වත් ඒ පොත් වගකිව යුත්තන් අතින් පරීක්ෂාවට ලක්වෙනවා. ඒ් නිසා මෙවැනි අත්වැරදීම් ජාතියක් වෙනුවෙන් දරුවන්ට කාගේ හරි තියෙන පහත් වුවමානවෙන් වෙනුවෙන් සිදුවිය යුත්තේම නැහැ. ඒ නිසා මෙය කළ අයට ජාතියේ නාමයෙන් දඬුවම් දිය යුතුයි."

හෙට උදේ 8 සිට පැය 48ක් රට පුරා වෙන්නේ මේකයි - දැනුම්දීමක්

හෙට උදේ 8 සිට පැය 48ක් රට පුරා වෙන්නේ මේකයි - දැනුම්දීමක්

රටම බලන් හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් රහසිගත නිගමනය

රටම බලන් හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දුන් රහසිගත නිගමනය