රජයෙන් මේ සේවාවන් ගැන තවත් නිවේදනයක්
ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් නිසා රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන්වලට ඇති වූ තාවකාලික බාධා වීම් තවදුරටත් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
ඒ අනුව අඳාළ ආයතනය මෙම බාධාවන්ට මූලික හේතු වහාම යථා තත්ත්වයට පත් කිරීමට තම ආයතනයේ ඉංජිනේරුවන් සහ සේවා සැපයුම්කරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ කණ්ඩායමක් දිවා රෑ නොබලා කටයුතු කරන බව පවසයි.
මේ අතර ඔවුන් පවසන්නේ මෙම සිදුවීමෙන් කිසිදු දත්ත හානියක් හෝ ආරක්ෂක ක්‍රමවේදයන්ට බලපෑමක් සිදුව නැති බවයි.
එසේම අඳාළ ආයතනය නිකුත් කළ නිවේදනයෙහි දත්තවල අඛණ්ඩතාවය සම්පූර්ණයෙන්ම සුරක්ෂිතබව පවතින අතර තීරණාත්මක පද්ධති පූර්ණ සුරක්ෂිතතාවයෙන් යුතුව ක්‍රියාත්මක වන බවත් දක්වා ඇත.
මේ අතර එම ආයතනය මේ නිසා මහජනතාවට ඇතිවන අපහසුතා අවම කිරීමට සහතික පිටපත් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීම් වැනි බලපෑමට ලක්වූ සේවාවන්ට වූ විකල්ප ක්‍රමවේද තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද සඳහන් කරයි.
ඉකුත්දා එම සේවාවේ ඇති වූ අක්‍රීයතාවයක් නිසා රාජ්‍ය ආයතන කිහිපයක් මගින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් රැසකට බාධා එල්ල වී ඇත.
ඒ අතර රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික නිකුත් කිරීමේ පද්ධතිය, පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) මාර්ගගත ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන සහතික පද්ධතිය, වාණිජ දෙපාර්තමේන්තුවේ නිෂ්පාදිත රට සහතික නිකුත් කිරීමේ මාර්ගගත පද්ධතිය, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ - පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක වෙබ් අඩවි ඇතුළත් වේ.