සමස්ත රාජ්‍ය සේවයම සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගන්න යයි..

Parliament of Sri Lanka Sri Lanka Politician Government Employee Government Of Sri Lanka
By Aruna Nov 06, 2023 02:13 PM GMT
Aruna

Aruna

Report

සමස්ත රාජ්‍ය සේවයම විවෘත හා වගකීමක් සහිත තත්වයකට පත්කිරීමේ අරමුණින් මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට විද්වත් අනු කමිටුවක් පත් කෙරුණු බව විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසනවා.

එම අනු කමිටුවට පත් කෙරුණු විද්වත් කණ්ඩායමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ,මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ,අධිකරණ අමාත්‍යාංශ ලේකම්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා,කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික හා ආර්ථික අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජානක ප්‍රනාන්දු, මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් එම්.කේ.එස්.එස් රත්නායක, මාධ්‍යවේදී අශෝක ඩයස් (සිරස මාධ්‍ය ජාලය), පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානයේ සභාපති මංජුල ගජනායක , සර්වෝදය ව්‍යාපාරයේ සභාපති මෙන්ම ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්‍යා ආරියරත්න ,කාරක සභා සභාපති උපදේශක උපදේශක අචාර්ය කේ.ඒ තිලකරත්න යන මහත්වරු ඇතුළත් කර ඇත.

මේ අතර කාරක සභාව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යෝජිත නව සේවක සංඛ්‍යාවට අවසන් තීරණයක් ලබා දෙන ලෙසයි.

විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්වී තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදී බවයි වාර්තා වන්නේ.

කාරක සභාවේ සභාපතිවරයා කියා සිටියේ, රාජ්‍ය සේවය හා රාජ්‍ය සේවකයාට වඩාත් ප්‍රශස්ථ, ජනතාවාදී රාජ්‍ය සේවයක් ඇති කිරීමට අදාළව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය,කාර්යය සාධනය,සුහදශිලිභාවය හා වගවීම තවුරු වන රාජ්‍ය සේවයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හැකිවනුසේ මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීමට මෙලෙස වියත්, බුද්ධිමතුන්ගෙන් සමන්විත අනු කමිටුවක් පත්කිරීමට පියවර ගත් බවයි.

මෙම අනු කමිටුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සාමාජිකයින් 21 දෙනකුගෙන් සමන්විත වන අතර, අනු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳියගොඩ මහතාය.

ReeCha