රාජ්‍ය සේවකයින්ගෙන් විශේෂ නිවේදනයක්

Sri Lanka Healthy ministry Electric Bord Postal service Government servant
By Aruna Dec 08, 2021 04:42 AM GMT
Aruna

Aruna

Report

රජයේ සේවකයින් අද ලෙඩ වෙයි රුපියල් දස දහසකින් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති කිහිපයක් අද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිත බව වාර්තා වනවා.

එමෙන්ම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද තැපැල් කාර්යාල රැසක් වසා තැබෙන බව, ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කඳවුම්කරු චින්තක බණ්ඩාර ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් සහ ජාතික සම්පත් විකිණීමට එරෙහිව ලංකා ඛනිජ තේල නීති ගත සංස්ථාව, වරාය සහ ලංකා විදුලි බල මණ්ඩලයට අයත් වෘත්තීය සමිති ද අද අසනීප නිවාඩු වාර්තා කර කොළඹ දී උද්ඝෝෂණයක නිරත වීමට නියමිතයි.

එමෙන්ම වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අයත් සෞඛ්‍ය සේවකයින් අද සිට පළාත් මට්ටමින් වර්ජනවලට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද වයඹ පළාතත් හෙට මධ්‍යම පළාතත් අනිද් දා ඌව පළාතත් ආවරණය වන පරිදි සියලු රෝහල්වල පෙරවරු 7 සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කළේ.

හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය ඇතුළු වෘත්තීය සමිති 16කට අයත් සෞඛ්‍ය සේවකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වීමට නියමිතයි.

සමස්ත ලංකා ආයූර්වේද සුවසේවා සංගමයට අයත් බොරැල්ල ආයූර්වේද ශික්ෂණ රෝහලේ ආයුර්වේද සෞඛ්‍ය සේවකයින් ද අද පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා සේවයෙන් ඉවත් වීමේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට නියමිතයි.

මේ අතර, ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනය ද වැටුප් වැඩිවීමක් අපේක්ෂා කරන අතර එසේ නොමැති නම් ඉදිරියේ දී වෘත්තීය ක්‍රියාමාර්ගවලට නො දන්වාම යොමු වන බව පවසනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now