අලුතින් උපදින දරුවන්ට උප්පැන්න සහතිකය සමග ජාතික හැඳුනුම්පත් අංකයත් ලබාදෙන නව වැඩපිළිවෙළක්..

Sri Lanka
By krishani Aug 01, 2022 07:49 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව මෙරටදී උපදින දරුවන්ට උපතේදී නිකුත් කරන උප්පැන්න සහතිකයට ජාතික හැඳුනුම්පත් අංකයත් ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම තීරණය අද (01) දින සිට ආරම්භ කිරීමට නියමිත අතර ආරම්භයේ දී නියමු වැඩසටහනක් ලෙස ගම්පහ, දෙහිවල, හඟුරන්කෙත, කුරුණෑගල, රත්නපුර, හා තමන්කඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

උප්පැන්න සහතික ලබා ගත් සියලු දෙනා වයස අවුරුදු 15 එළඹීමෙන් පසු ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කරන ඉල්ලිමක දී අදාල අංකය අනුව ජාතික හැඳුනුම්පත ලබා ගත හැකි ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha