කොරියාවෙන් ලංකාවට පරිත්‍යාගයක්..

Sri Lanka Ministry of Health Sri Lanka
By krishani Jan 18, 2023 09:30 AM GMT
krishani

krishani

Report

කෝටි 43ක අත්‍යාවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් කොරියානු රජයේ හා ජනතාවගේ සහයෝගයෙන් ඊයේ (17) දින සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කෙරුණේ ය.

ඒ කොරියානු සංවිධානයක් වන The Global Life Sharing ආයතනය මගින් එකතු කරනු ලැබූ මෙම පරිත්‍යාග World Unreached People Mission සංවිධානයේ සම්බන්ධීකරණයෙන් හා සහයෝගයෙන් ය.

අදියර කිහිපයක් ඔස්සේ පරිත්‍යාග කිරීමට නියමිත මෙම ඖෂධ හා ඖෂධ උපකරණ අතුරින් මෙලෙස පරිත්‍යාග කෙරුණු කෝටි 43 ක පළමු පරිත්‍යාගයේ අක්ෂි රෝග, බැක්ටීරියා ආසාදන, චර්ම රෝග ,ප්‍රතිජීවක හා වේදනා නාශක ඖෂධ හා උපකරණ රැසක් පවතියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join