ජනපති විශේෂ පිරිසකගෙන් කළ විශේෂ ඉල්ලීම..

By Sithumi May 26, 2022 05:39 PM GMT
Sithumi

Sithumi

Report

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලා තිබේ.

ගැටලු නිවැරදි කරමින් පවතින විදුලි අර්බුදය විසඳීමට ප්‍රායෝගිකව දායක වියහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. 

 පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කරගැනීමේ දී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට අද (26) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව පැවසීය. සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීම රජයේ ඉලක්කය වී තිබේ.

මේ වනවිටත් මෙගා වොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join now