ගෝඨාභය රාජපක්ෂට ප්‍රශ්ණයක් - අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට එන්නැයි දැනුම්දීමක්

Report

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පවත්වනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම මස 17 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවත දැනුම් දී ඇත.

මීට පෙර අවස්ථාවකදී ද ඒ මහතාට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ නමුත්, තමන් සිංගප්පූරුවේ සංචාරයක නිරත වන බැවින් එදිනට පැමිණීමට නොහැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් පෙබරවාරි 12 වැනිදා කොමිසමට ලිඛිතව දන්වා ඇත.

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

දැන් හරිනේ - උතුරු කොරියාවත් ඉරානයට සහය දෙන්න ඇවිත් - දැන්නම් ලේසි වෙන එකක් නෑ

එහිදී ප්‍රකාශය ලබාදීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඔහු කළ ඉල්ලීමට අනුව මෙම නව දිනය ලබා දී ඇති බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹට නුදුරු ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක නිවාස කිහිපයක් නීත්‍යනුකූල නොවන අයුරින් පුද්ගලයන් කිහිපදෙනෙකුට ලබාදීම සඳහා නිර්දේශ කරමින් ලිපි නිකුත් කිරීම පිලිබදව සිදු කෙරෙන විමර්ශණයකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමට මෙම කැදවීම කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටි සමයේ මෙම සිදුවීම සිදුව ඇති බව අනාවරණය වී ඇත.

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්