ඩොලරය ආයෙත් වැඩි වුණේ ආර්ථික ප්‍රශ්නයක් නිසාද? ඇත්තම හේතුව ඇමති හෙළිකරයි

Report

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය පසුගිය දින කිහිපයේදී යළි ඉහළ යාමක් දක්නට ලැබුණද, එය කිසිසේත්ම ආර්ථික අර්බුදයක ලකුණක් නොවන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, මැදපෙරදිග කලාපයේ ඇතිවූ යුධමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ගෝලීය වශයෙන් ඩොලරයට ඇති ඉල්ලුම වැඩිවීම මෙම තාවකාලික වෙනසට බලපා ඇති බවයි.

“ඉන්ධන මිල ඉහළ යාම සහ අනෙකුත් ගෝලීය සාධක නිසා ඩොලරයට ඇති ඉල්ලුම වැඩිවෙලා තියෙනවා. ඒ නිසා සතියක් පමණ කාලයකදී ඩොලරය අනවශ්‍ය ලෙස ඉහළ ගියා. නමුත් ආර්ථිකයේ බිඳවැටීමක් නැහැ” 

“කිසිදු ආර්ථික බිඳවැටීමක් හෝ ආනයන සීමාකිරීමක් නැහැ. ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැහැ. වැරදි සහ නොමග යවන තොරතුරු මත තීරණ ගන්න එපා”

යැයි ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, රටේ අපනයන ආදායම ඉහළ ගොස් ඇති බවත්, සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායමද වැඩිවෙමින් පවතින බවත්, විදේශ ප්‍රේෂණ ප්‍රවාහයද ස්ථාවරව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ඩොලරයේ අගයෙහි පසුගිය දින දෙක තුළ දක්නට ලැබුණු සුළු ඉහළ යාම ක්‍රමයෙන් සමථයකට පත්වනු ඇති බවයි.

"එක සතයක්වත් තවම අත තිබ්බේ නෑ, හැම රුපියලක්ම භාණ්ඩාගාරයේ සුරක්ෂිතයි" - නියෝජ්‍ය ඇමතිට මල පනී

"එක සතයක්වත් තවම අත තිබ්බේ නෑ, හැම රුපියලක්ම භාණ්ඩාගාරයේ සුරක්ෂිතයි" - නියෝජ්‍ය ඇමතිට මල පනී

ලංකාවේ බීම වර්ගවල ‘ට්‍රැෆික් ලයිට්’ ලේබල් පිටුපස මහා රහසක් හෙළිවෙයි

ලංකාවේ බීම වර්ගවල ‘ට්‍රැෆික් ලයිට්’ ලේබල් පිටුපස මහා රහසක් හෙළිවෙයි