කෝටියකට වඩා වටින ගංජා තොගයක් කොටු
කෝටියකට අධික වටිනාකමකින් යුතු ගංජා තොගයක් වැල්ලවායේදී පොලිස් භාරයට ගෙන ඇත යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ලබා දුන් බුද්ධි තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
මෙම මෙහෙයුමේදී අක්කර දෙකක පමණ භූමියක ඉතාමත් ම සරුවට වගා කර තිබූ ගංජා ගස් රැසක් සොයාගෙන ඇත
පොලිසිය සදහන් කරන්නේ වැටලීම සිදු කළ අවස්ථාවේ සැකකරුන් පලාගොස් ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.
මෙම සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර ඇත මෙම සිදුවීම සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් තව දුරටත් විමර්ශන සිදු කරනු ලබයි.