ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්ට නාසා ආයතනයෙන් හදිසි දැනුම්දීමක්

Report

වායු කාන්දුවීමක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන්ට ඔවුන්ගේ අභ්‍යවකාශ යානයේ නවාතැන් ගන්නා ලෙස නාසා ආයතනය දැනුම් දී ඇත .

එමෙන්ම හදිසි අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඉන් ඉවත්විමටද සූදානමින් සිටින ලෙසයි ඔවුන් ගගනගාමීන්ට දැනුම්දී තිබේ නාසා ප්‍රකාශක බෙතානි ස්ටීවන්ස් විසින් X සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු කොටසේ කොටසක් වන ස්වෙස්ඩා සේවා මොඩියුල උමග තුළ යම් කාලයත් පුරාවට ඉරි තැලීම් සහ කාන්දුවීම් සිදුව ඇති බවයි.

නව කාන්දුවීම්වලින් පසුව පුළුල් අලුත්වැඩියා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා රුසියානු කාර්ය මණ්ඩලයක් විසින් වායු කාන්දුව නිවැරදි කිරීමට උත්සාහ ගන්නා බැවින් ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නවාතැන් ගන්නා ලෙසයි නාසා ආයතනය ගගනගාමීන්ට නියෝග කර ඇත.

තවද වඩාත් ස්ථීර විසඳුමක් ලබා ගැනීම සඳහා රුසියානු සඟයන් සමග මෙන්ම අභ්‍යවකාශ මධයස්ථානයට සහාය දක්වන අනෙකුත් ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරන බවද නාසා ආයතනය දැනුම් දී තිබේ.

මේ අතර නාසා ආයතනය විසින් දැනට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් 7 දෙනාගෙන් 5 දෙනෙකුට ආරක්ෂිත පියවරක් ලෙස නම් කර ඇති SpaceX Crew Dragon “Freedom” අභ්‍යවකාශ යානය තුළ නවාතැන් ගැනීමට උපදෙස් ලබා දීමට කටයුතු කර තිබේ.

ට්‍රම්ප් නාමය සත්වෝද්‍යානයෙන් ඉවතට – භාරකරුටත් වැඩ වරදී

ට්‍රම්ප් නාමය සත්වෝද්‍යානයෙන් ඉවතට – භාරකරුටත් වැඩ වරදී