ගෝඨාභය හෙට ලංකාවට පැමිණීම ගැන රනිල් ගේ අකමැත්ත..අගමැතිකම ගෝඨාභයට?..

Gotabaya Rajapaksa Ranil Wickremesinghe Sri Lanka
By Aruna Sep 02, 2022 12:19 AM GMT
Aruna

Aruna

Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාා එළඹෙන සෙනසුරාදා (03) දිනයේ ආපසු මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ඒ තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මාලදිවයින, සිංගප්පූරුව හරහා තායිලන්තයට ගොස් එහි සති කිහිපයක් ගත කිරීමෙන් පසුවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙරටට පැමිණි පසු හිටපු ජනාධිපතිවරයෙකුට හිමි වරප්‍රසාද හිමිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් සඳහන් කළා.

මෙරට විධායක ජනාධිපති ධුර ඉතිහාසයේ සිය තනතුරෙන් ඉල්ලා අස් වූ පළමු ජනාධිපතිවරයා ලෙස සැලකෙන ගෝඨාභය රාජපක්ෂ කොළඹ ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බැඳගෙන විරෝධතාවයේ නිරත වූ අරගල කරුවන් විසින් දියත් කරන ලද දැවැන්ත විරෝධතා හමුවේ රටින් පළා ගියේ ජූලි මස 13 වෙනි දින හිමිදිරියේ යි.

ඒ සිය ධුර කාලයෙන් අඩක් ගත වන්නටත් පෙරාතුව යි. ඔහු මෙලෙස රටින් පලා ගියේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානාවකින්.

එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ දෙදෙනා කටුනායකින් අළුයම 4:30 ට මාලදිවයින් බලා පිටත්ව ගිය අතර ඉන් අනතුරුව මාලදිවයිනේ එක් දිනක් පමණක් රැඳී සිටි හිටපු ජනාධිපතිවරයා සහ බිරිඳ එතැනින් සිංගප්පූරුව බලා ජූලි 14 වන දින පිටත්ව ගියේ සංචාරක වීසා මතයි.

පළමුව සති දෙකකට පමණක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත වීසා නිකුත් කරන බව පැවසූ සිංගප්පූරු රජය පසුව එය තවත් සති දෙකකට දීර්ඝ කරනු ලැබුවා.

ඉන්පසුව අගෝස්තු මස 11 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ බිරිඳ පෞද්ගලික ගුවන් යානාවකින් තායිලන්තයේ බලා පිටත්ව ගියා. තායිලන්තයේ සති 3 කට ආසන්න කාලයක් ගත කිරීමෙන් අනතුරුවයි හිටපු ජනාධිපතිවරයා නැවත මෙලෙස සිය රට පැමිණෙන්නේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා අගෝස්තු මස 24 වන දින දිවයිනට පැමිණෙන බවට විවිධ වාර්තා පළ වුණා.

එලෙස ම පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ද හිටපු ජනාධිපතිවරයා අගෝස්තු 24 වන දින දිවයිනට පැමිණෙන බවයි.

කෙසේ වෙතත් අවසන් මොහොතේ දී ඔහුගේ ආගමනය නැවත වතාවක් කල් දැමුණේ ආරක්ෂාව සම්බන්ධ ගැටලු කිහිපයක් මුල්කරගනිමින්.

මේ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නැවත පැමිණීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේ ඔහුට නැවත මෙරටට පැමිණීමට තවමත් සුදුසු කාලය එළඹී නැති බවයි.

එමෙන් ම ඔහු නැවත පැමිණි පසු යළිත් වතාවක් පාර්ලිමේන්තුවට රැගෙන ඒමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

යම් හෙයකින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ අභිලාෂය ප්‍රකාශ කරන්නේ නම් ඒ වෙනුවෙන් ජාතික ලැයිස්තුවෙන් පත්කල මන්ත්‍රීවරුන් ගණනාවක් එම මන්ත්‍රී දූර වලින් ඉවත්ව හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට පිවිසීමට මග පෑදීමට සූදානමින් සිටි බවත් එම වාර්තා අතර දැක්වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha