කොවිඩ් අස්සේ හංඟා ගත් මූණ මධුසමය දා එළියට එයි..මනමාලිගේ මූණ දුටු මනමාලයාට තරුපෙනෙයි.

Covid Wedding Gossips Hotel
By Aruna Dec 15, 2021 08:51 AM GMT
Aruna

Aruna

Report

වනිදු විසිහත් හැවිරිදි තරුණයෙකි. කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරන ඔහු වැඩට ආවෙත් ගියේත් බස්රථයෙනි.

කොරෝනා වසංගතය සමයේදී වරින් වර වැඩට ඒම නතර වුවත් ඉකුත් මාස කිහිපයේ දී යළි සුපුරුදු ජීවන රිද්මයට ඔහු පුරුදු වූයේ අදාළ සෞඛ්‍ය උපදෙස් මත ඉඳුරා පිහිටමිනි.

දිනක් කාර්යාලයට යන මඟී බස් රථයට හැඩකාර සුන්දර තරුණියක ගොඩවිය.

ඇය දුටු සැණින් ඔහුගේ හද සැලින. දින කිහිපයක්ම ඒ වේලාවට ඒ බසයටම ගොඩවූ ඇය හා වචන දෙක තුනක් කතා කරන්නට ද වනිදු සමත් විය.

”මම වැඩ කරන්නෙ කොටුව අහවල් බැංකුවෙ අයියා” ඇයද තොරතුරු කීවේ දෙහදක බැඳීමට ඉඩ දෙමිනි.

දෙදෙනාගේම මුහුණ වැසී තිබුණේ මුඛ ආවරණ (මාස්ක්) වලිනි. නමුත් දෙනෙත් දිලිසිනි. අතැඟිලි බැඳිනි.

ප්‍රේමය මෝදු වී දින සති සමග ගෙවී ගියේය. ”අපි බඳිමු” හමුවී මාසයකට පසු ඔහු කීවේ එකම කැදැල්ලක් සිහින මවමිනි.

දෙපාර්ශ්වයේම ඥාතීන්ද මුණගැසිණ. ගැටලූවක් නැත.

කොරෝනා නිසා ඒ හැම විටම හැමෝම සෞඛ්‍ය ආරක්‍ෂිතව සියලූ කටයුතුවල නිරත වූහ. ”මඟුල් ගෙයක් ගන්න ඕනෙ නෑ” ඇය කීවාය.

ඒ අනුව විවාහය රෙජිස්ටර් කළ පසු සාමාන්‍ය හෝටලයක මධු සමයට දින වැටිණ.

ඒ වනතුරුත් මේ දෙදෙනාගේ මුහුණුවල මුඛ ආවරණය. මධු සමයේදී අඩ අඳුරු මැද ඇය මුඛ ආවරණය ඉවත් කළාය. හත්වලාමයි.

දත් බොල්ලෑව දුටු මනමාල වනිදුට තරු විසිවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha