නිරුවත් දර්ශනයක ඉඳලා මගේ පවුලට, අන් අයට මුහුණ දීමට තරම් මට ආත්ම ශක්තියක් නැහැ-හිමාලි සිරිවර්ධන (PHOTOS)

By Sithumi Dec 14, 2021 03:52 PM GMT
Sithumi

Sithumi

Report

හිමාලි සිරිවර්ධන නම කියපු සැනින් මැය කවුද කියල බලාගන්න කාටවත් ඇගේ ඡායාරූප ඕනෙ කරන්නේ නැහැ. ඒ තරමට ඇය කවුද කියන්න ගොඩක් අය දන්නවා. දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වෙන හිමාලි විනිශ්චයකාරවරියක් ලෙසද රියලිටි තරඟයකට සහභාගී වුණා.

පුංචි තිරයේ වගේම සිනමාව තුලත් විවිධ වූ චරිත ඔස්සේ ඇය අපිට මුණ ගැසෙනවා. ඉතින් ඇය පසු ගිය දවසක ඇගේ මේ දවස් වල විස්තර ටිකක් වගේම කලා කටයුතු පිළිබඳවත් අදහස් දැක්වීමක් කරල තිබුණා. ඉතින් මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයක රූගත කිරීම් නිසාත් දරුවාගේ වැඩ කටයුතු නිසාත් ටිකක් කාර්යබහුල වෙලා සිටියේ කියල තමයි ඇය කියන්නේ.

තරඟ විනිශ්චයකාරවරියක් ලෙස ඇය සඳහන් කරන දෙයක් තමයි අද වන විට රියලිටි තරඟ වලට දරුවන් සහභාගී වීමේ ප්‍රවනතාවක් තියෙන බව. නමුත් ඔවුන්ට සරිලන ලෙස හා ඔවුන්ගේ වයසට සරිලන ලෙස නිර්මාණ ඉදිරිපත් කිරීමේ වගකීම ආදාල මාධ්‍ය ආයතනයට වගේම ගුරුවරුන්ට දෙමාපියන්ටත් එක ලෙස වගකීමක් තියෙනවා කියන කාරණාව.

දරුවන්ට ම ඇඟිල්ල දිගු නොකර තමුනුත් ඔය කියන රාමුව තුල හිඳිමින් දරුවන්ගේ ආත්ම ගෞරවයත් රැකෙන ආකාරයට ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ඔපමට්ටම් කිරීමයි වැඩිහිටියන් ලෙස අප කළ යුත්තේ යනුවෙනුයි ඇගේ අදහසයි ඉදිරිපත් කරන්නේ. ඇය කියන විදියට වෘත්තීමය නර්තන ශිල්පිනියක් විදිහට තමයි හිමාලි සිරිවර්ධන ක්ෂේත්‍රයට එන්නේ.

ඇගේ නර්තන කණ්ඩායමක් පවත්වා ගනිමින් තෝරා බේරා ගැනීමක් සමඟ හොඳ ප්‍රමිතියක් සහිත සීමිත නිර්මාණ ප්‍රමාණයකට පමණක් සහභාගී වෙලා තිබෙන්නවා කියන කාරණාව මතක් කරලා තිබුණා. නමුත් මේ වසංගත කාලය පැමිණීමත් සමගම නර්තන කණ්ඩායමේ කටයුතු ඇයට නතර කරන්නට සිද්ද වෙලා තිබෙන නිසා ඇය දැන් වෘත්තීය මට්ටමින් මේ ක්ෂේත්‍ර දෙකෙහිම නියලෙන්නේ නැහැ කියල තමයි හිමාලි කියන්නේ.

ඇය කියන්නේ රංගන ක්ෂේත්‍රය තුළ ලද අත්දැකීම් සහ මවක් ලෙස ඇයට සුදුසු හොඳ නිර්මාණවලට පමණක් ඇය ඉදිරියේ දී දායක වනවා කියලා. නමුත් අද වන විට නිර්මාණ බිහිවීමේ අඩුවක් තිබෙන නිසා ආරාධනා ලැබෙන්නේ අඩුවෙන් කියල කියනවා. එම නිසා හොඳ වැඩක් ආවොත් භාර ගන්න ඇය සූදානම්ලු. ක්ෂේත්‍රයේ යම් තැන්වලදී කලකිරීම් ඇති වුවත් ඉදිරියටත් හොඳ වැඩ වලට දායක වෙන්න හිමාලි සිරිවර්ධන ආසාවෙන් බලන් ඉන්නවා කියල සඳහන් කරනවා.

සිනමාව සම්බන්ධයෙන් කතා කරන විට ගොඩක් දුරට ඇය සම්බන්ධ වුණේ වාණිජ ගණයේ චිත්‍රපටවලට. ඒ තුළ ඇගේ නර්තන දක්ෂතාව උපරිමයෙන් පෙන්වීමට නොහැකි වුණා කියල ඇය කියනවා. සම්භාව්‍ය චිත්‍රපටවලට ආරාධනා ලැබුණත් යම් සීමාවන් නිසාවෙන් එම අවස්ථාවන් මග හැරුනා කියලයි කියන්නේ. නිරුවත් දර්ශනයක පෙනී සිටියට පස්සේ පවුලට සහ අන් අයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් ඇයට නැහැ කියල සඳහන් කරනවා.

ඉතින් මේ නිසා ඇයට චරිත කිහිපයක්ම අතහරින්න වුණා කියල සඳහන් කරනවා. ඒ පිළිබඳව ඇය දක්වන අදහස තමයි. කැමැත්ත සහ පෞරුෂත්වය මත ලිංගික දර්ශන වලට හෝ නිරුවත් දර්ශන වලට පෙනී සිටීම සිදු වෙනවා. ඒකට කාටවත් දොස් කියන්න බැහැ. මොකද එවැනි රංගන ශිල්පිනිය නුත් මේ ක්ෂේත්‍රය තුළ සිටිය යුතුයි. ගණිකාවක ගේ චරිතය නිරූපණය කරන විට ලිංගික දර්ශනයන් ඇතුලත් නම් අදාළ රංගන ශිල්පිනිය ඒ දේවලුත් රඟ දැක්විය යුතුයි.

මොකද රංගන ශිල්පිනියකගේ රංගනය පුළුල් පරාසයක් දක්වා විහිදෙන දෙයක් නිසයි එය කෙනාගේ කැමැත්ත අකමැත්ත මත සිදු වෙන දෙයක්. කොහොම වුණත් ඉතින් ඇය රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, ගුරුවරියක් විනිසුරුවරියක් ලෙසත් නොයෙකුත් චරිතයන් පිළිබිඹු කරනවා.

හිමාලි සිරිවර්ධන කියන චරිතය ඇය මේ ඔස්සේ මනා ලෙස ගොඩනඟා ගෙන තිබෙන කාරණාව මෙහිදී සිහිපත් කළ යුතුමයි. ඉතින් හිමාලි සිරිවර්ධනගේ ඉදිරි කලා කටයුතුත් පවුලේ කටයුතු සාර්ථක කරගන්නට හදවතින්ම සුබ ප්රාර්ථනා එකතු කරනවා.

GalleryGallery
ReeCha