37 හැවිරිදි පුද්ගලයා නොඑන ගමන් ගිය හැටි, තලවතුගොඩ කැළඹූ සිද්ධියේ ඇත්ත එළියට

Gossip Sei lanka
By Sithumi Jul 29, 2021 03:09 PM GMT
Sithumi

Sithumi

Report

තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම සම්බහාන මධ්‍යස්ථානය තුලදීම මියගොස් තිබෙනවා. 

තලංගම පොලිසිය සඳහන් කළේ මෙම පුද්ගලයා අද 29 අලුයම 5.10ට පමණ සම්බාහනයක් සිදුකර ගැනීම සඳහා පැමිණ ඇති අතර පැමිණ සුළු වේලාවකින් ඔහු මරණයට පත්ව ඇති බවයි. 

මෙම පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37ක විවාහක පුද්ගලයෙක් බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහුට සේවය සැපයූ කාන්තාව තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මරණයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ. කෙසේවෙතත් අදාළ පුද්ගලයා අයිස් සහ ගංජා යන මත්ද්‍රව්‍ය දෙකට අමතරව බීමතින් ද සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. ඔහුට හදවත් සැත්කමක් සිදුකර තිබී ඇතැයි ද අනාවරණ වී තිබෙනවා. 

මෙම පුද්ගලයා සිය බිරිඳ සමග ගම්පහ ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසේ සති දෙකක පමණ කාලයක් සිට යළිත් නිවසට තනිව පැමිණ සිටියදී ඔහු සම්භාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති බවටයි හෙළිවී ඇත්තේ. 

කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා ඇති අතර තලංගම පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now