පොලිස් කැරලි මර්දන ඒකකයට මෙන්න සුබ ආරංචියක්.
By Wayomi
කැරලි සහ කලකෝලාහල මර්දනය සඳහා කැරලි මර්දන හිස් වැසුම් 1500ක්ද ගෑස් මුහුණු ආවරණ ( මාස්ක්) 750 ක් සහ රබර් බැටන් පොලු 1000ක්ද මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.
ඒ, අනුව මේවා ඉදිරියේදී මිලදීගෙන කැරලි මර්දන ඒකකයන්ට අවශ්‍යතාව පරිදි නිකුත් කිරීමට නියමිතයි.
මීට පෙරද කැරලි මර්දන උපකරණ රැසක් පොලිසිය විසින් වරින් වර මිලදී ගනු ලැබූ අතර පසුගිය කාලයේදී විවිධ උද්ඝෝෂණවලදී ඇතිවූ කලබල මැඩ පැවැත්වීමට පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් භාවිතයට ගැනුනා.