IPL අවසන් වටයේ දෙවන තරගය අද දිනයේ

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් ‘එලිමිනේටර්’ තරගය අද (27) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.30 ට නව චන්දිගාර්හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මෙම සුවිශේෂී තරගයේදී ශ්‍රී ලංකා හිටපු සුපිරි නායක කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස්  කණ්ඩායම සහ ලාංකීය නවක වේගපන්දු යවන ක්‍රීඩක එශාන් මාලිංග නියෝජනය කරන සන්රයිසර්ස් හයිද්‍රාබාද්  කණ්ඩායම එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙති.

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

නැවතත් ඉන්ධන මිල සංශෝධනයක් - දිනය මෙන්න - සිපෙට්කෝ වෙතින් දැනුම්දීමක්

මෙවර තරගාවලියේ මූලික වටයේ තරග නිමාවන විට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වූ අතර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සිව්වැනි ස්ථානය දිනා ගනිමින් මෙම වටයට සුදුසුකම් ලැබීය.

අද පැවැත්වෙන මෙම සටනින් ජයග්‍රහණය වාර්තා කරන කණ්ඩායමට, අවසන් මහා තරගයට පිවිසීමේ තීරණාත්මක Qualifier 2 තරගයේදී ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමඟ තරග වැදීමට අවස්ථාව හිමිවේ.

හිටපු පාර්ලිමේන්තු ලොක්කෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

හිටපු පාර්ලිමේන්තු ලොක්කෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

එම තරගයෙන් ද ජය ලබන කණ්ඩායම මෙවර අයි.පී.එල්. ශූරතාව වෙනුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝරු  කණ්ඩායම සමඟ අවසන් මහා තරගයේදී මහා සටනකට එක්වීමට නියමිතය.