මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සිදු කළ දුරකථන ඇමතුම් වල ඇත්ත නැත්ත ගැන මන්ත්‍රී මුජිබුර් කට අරියි [VIDEO]
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරරුවෙකුට දුරකතන ඇමතුම් ලබාදීමේ සිදුවීමකට සම්බන්ධවයි මන්ත්‍රීවරයාගෙන් මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
සමගි ජනබලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සහ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අතර හුවමාරු වූ බව කියන දුරකත ඇමතුම් 53 ක් සම්බන්ධයෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර තිබේ .
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින අදාළ සැකකරු සතුව තිබී හමු වූ ජංගම දුරකතනයකින් මෙම ඇමතුම් පිළිබඳ අනාවරණය කරගෙන ඇති බව පොලීසිය සදහන් කර තිබේ
''මාලිමාව කියලා ජනතා විමුක්ති පෙරමුණ හදාගත්තේ මේ රටේ මිනිස්සුන්ව අන්දන්න'' මුජිබර්ගෙන් සැර ප්‍රකාශයක්
කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇත
මේ පිළිබද එතුමා සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්
'' රිමාන්ඩ් බන්ධනාගරයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරමට රැදවියෙක්ගේ දුරකතනයේ මගෙ නම්බර් එක තිබුණා කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ සටහනක් කර ගත්තා එතනට ගියාම මට දැනගන්න ලැබුණා .ඒ දුරකතනය අපි එක්ක දෙශපාලනය කරපු කෙනෙක්ගේ කියලා . ඒ කෙනා අපි එක්ක වැඩ කරලා තියනවා . පක්ෂ ගණනාවක වැඩ කරපු කෙනෙක් . දැන් තියන ප්‍රශ්නෙ තමයි මට වැලිකඩ ඉදන් කෝල් කරලා නෑ . එතකොට මේ කෝල් කරලා කරලා ඉස්සර දේශපාලන කරපු පුද්ගලයා ඒ කාලය 2020 - 2024 වෙනකම් . මම කණගාටුවෙනවා මාධ්‍ය අසත්‍ය ප්‍රචාරය කරපු එකට ''