රත්තරන් ගන්නද ඉන්නේ? අද රන්මිල දැනගෙන ගන්න
අද (2026.04.16) ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යාමක් වාර්තා වී ඇත ඒ අනුව, රන් අවුන්සයක මිල ඩොලර් 4830.68 ක් ලෙස වාර්තා වී ඇත. මේ අතර, රිදී අවුන්සයක මිල ඩොලර් 79.85 කට අලෙවි වේ.
කොළඹ චෙට්ටියාර් වීදියේ තොරතුරු වලට අනුව, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 402000 ක් ලෙස වාර්තා වේ. කැරට් 22 රන් පවුමක මිල රුපියල් 369900 ක් බව සඳහන් කිරීම වටී.
මැද පෙරදිග අස්ථාවර තත්ත්වය සහ ගෝලීය ආර්ථික සාධක දිගටම පැවතුනහොත්, ඉදිරි දිනවලදී රන් සහ රිදී මිලෙහි තවදුරටත් අස්ථාවරත්වයක් ඇති විය හැකි බව පැවසේ.