මිලියන 6.6ක් වටිනා රන් කාසියක් උස්සයි

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sithumi Jul 10, 2023 01:18 PM GMT
Sithumi

Sithumi

Report

බණ්ඩාරගම වැල්මිල්ල හඳුන්වන්න ප්‍රදේශයේ නිවසකින්,  එළිසබෙත් රැජිනගේ රූපය අඩංගු කර නිර්මාණය කරන ලද රන් කාසියක් සොරාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය කියයි.

 පොලීසිය සඳහන් කළේ, එම රන් කාසියේ බර ග්‍රෑම් 311 ක් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල, පාදුක්ක සහ සූරියවැව ප්‍රදේශවල පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් පිරිසකි.

ඊයේ (9) පොලීසිය වෙත එම රන් කාසියේ හිමිකාරිය වන 57 හැවිරිදි කාන්තාවක් පැමිණිල්ලක් සිදු කරමින් ඇය විවාහ වී සිටින ඔස්ට්‍රියන් ජාතික සැමියා වරින් වර ජර්මන් රටට ගොස් මෙරටට පැමිණෙන බවත් ඉකුත් මස 21 වෙනි දින සැමියා මෙරටට පැමිණි බවත් ඇය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

 අදාළ විදෙස් ජාතිකයා විසින් එම කාන්තාව වෙත මෙම රන් කාසිය තෑගි දී ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.පසුව අනාවරණය වී ඇත්තේ නිවසේ මුළුතැන්ගෙයි දොර කඩා සැකකරුවන් පිරිස නිවසට ඇතුළුවී මෙම සොරකම සිදුකර ඇති බවය.

එම රන් කාසියේ වටිනාකම රුපියල් මිලියන 6.6ක් බවට ඇස්තමේන්තු කර තිබේ. සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර බණ්ඩාරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ReeCha