නව අගමැති රනිල් ගෙන් "ගෝටා ගෝ ගමට සහය ලබා දීමට විශේෂ කමිටිවක්..

Report

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පිහිටුවා ඇති ගෝඨා ගෝ ගම විරෝධතා භූමිය නඩත්තු කිරීම සඳහා ද අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, රුවන් විජේවර්ධන යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ඒකකයක් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ පොලිසියේ නියෝජිතයින්ට ගෝඨා ගෝ ගම පරිශ්‍රයට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව සොයා බලන ලෙස තමන් උපදෙස් ලබා දී ඇති බවද ඔහු පැවසීය. 

  විරෝධතාවයේ නිරත තරුණයින් ඉදිරිපත් කර ඇති කොන්දේසි මත ඔවුන් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට තමන් සූදානම් බවත්, විරෝධතා පැවැත්වෙන ස්ථානවලට කිසිදු මර්දනයක් සිදු නොකරන බවට සහතික වන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.