GMOA ඇස්ට්‍රාසෙනෙකා එන්නත් සගවාගෙන

sri lanka GMOA Covid vaccsine Astraceneca vaccsine
By Sithumi Jun 07, 2021 11:38 AM GMT
Sithumi

Sithumi

Report

පළමු මාත‍්‍රාව ලබා ගත් ලක්‍ෂ 5 ඉක්වමූ පරිසකට සපයා ගැනීම අර්බුධයක් වී තිබෙන ‘ඇස්ටසෙනිකා’ එන්නත් ඊයේ දිනයේ ගාල්ල ප්‍රදේශයේ ස්ථානයක එන්නත්කරණය සිදුකර ඇතැයි වාර්තා වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

කොළඹ සිට ගිය ව්‍යාපාරික පවුල් වල කිහිප දෙනෙක් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පවුල්වල සාමාජිකයන්ට මෙසේ එන්නත්කරණය සිදුකර ඇතැයිද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය. 

 ඇස්සෙනිකා එන්නත් තොග අවසන් යයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් දැනුම් දී තිබියදී රජයේ වෛද්‍ය නිලධාරීන් සතුව එම තොග රටපුරා සඟවාගෙන සිටින බවට ද ඔහු චෝදනා කළේය. මෙය රජයේ මුදල් අවභාවිතාවක් බවත් ඒ ගැන වහා පරීක්‍ෂණ ඇරඹිය යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now