වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු අර්බුදය උඩු දුවයි - හෙටත් යළි වැඩ වර්ජනයක්
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට සිදුවන අනීතික දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් නැවත වරක් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ හෙට (02) දින උදෑසන 08.00 සිටයි.
මේ අතර ඊයේ (31) ක්‍රියාත්මක කළ එක්දින වර්ජනය අද උදෑසන අවසන් වුවද, ගැටලුවලට නිසි විසඳුම් නොලැබීම නිසා අද පස්වරුවේ රැස්වූ එම සංගමයේ හදිසි විධායක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන්.