ලංකා තෙල් මිල ඉහළ යද්දී බොරතෙල් මිල පහළට
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල යම් පහළ යෑමක් අද දිනයේ වාර්තා වන අතර, ඒ අනුව ප්‍රධාන බොරතෙල් වර්ගවල මිල ගණන් අමෙරිකානු ඩොලර් 101 සිට 108 දක්වා පරාසයක පවතී.
මේ අතර වෙනිසියුලාව සිය තෙල් අපනයනය දිනකට බැරල් මිලියන 1.23 දක්වා ඉහළ නැංවීමට සමත්ව ඇති අතර, මෙය 2018 වසරෙන් පසුව එරට වාර්තා කළ ඉහළම අපනයන අගය ලෙස සැලකේ.
අමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ යුරෝපීය රටවල් වෙත තෙල් නැව්ගත කිරීම් වේගවත් කිරීම මෙම අපනයන වර්ධනයට ප්‍රධානතම හේතුව වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.