පැය 48ක් තුළ ලොවම සලිත කරමින් ඉරානය මැදපෙරදිගින්ම පළි ගනී - බහරේනය, කුවේට් සහ ජෝර්දානයට ප්‍රබල ප්‍රහාර

Report

ඉරාන හමුදාව සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) "කලාපයේ සතුරු කඳවුරු" වශයෙන් විස්තර කළ ස්ථාන වෙත "මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර" දියත් කර ඇති බව ඉරානයේ නූර් ප්‍රවෘත්ති ඒජන්සිය අද(13) දින වාර්තා කර ඇති බව සඳහන්.

ඒ අනුව ඉරාන හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින්, රාජ්‍ය අනුබද්ධ ආයතනය සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපදය ඉරානයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම මෙහෙයුම සිදු කළ බවයි.

එබැවින් පසුගිය පැය 48 තුළ "සතුරු චලනයන්" හේතුවෙන් හඳුනාගත් ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව නිලධාරියා සඳහන් කර ඇත.

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

සුළු මොහොතකට පෙර දිවයිනටම වලංගු නිවේදනයක් - ජූලි 13 වෙන්න රටේම තත්ත්වය මෙන්න

එමෙන්ම එක්සත් ජනපද සහ ඉරාන හමුදා අතර මෙම ප්‍රහාර හුවමාරු මධ්‍යයේ මෑත දිනවල කලාපීය ආතතීන් උත්සන්න වී තිබෙනවා.

මේ අතර ඉරාන ඉලක්ක වෙත ඇමරිකානු ප්‍රහාර එල්ල කිරීමට පළිගැනීමක් ලෙස කුවේට්, බහරේන්, කටාර්, ජෝර්දානය සහ ඕමානයේ ඇමරිකානු හමුදා ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ඊයේ(12) දින ඉරානය සඳහන් කර ඇත.

එසේම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන සිවිල් නාවිකයින්ට සහ වාණිජ යාත්‍රාවලට පහර දීමට ඉරානයට ඇති හැකියාව තවදුරටත් පහත හෙලීම මෙම නවතම ප්‍රහාරවල අරමුණ බව ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා සඳහන් කළ බව වාර්තා වේ.

ලෝකයම කැළඹෙයි- ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්!

ලෝකයම කැළඹෙයි- ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්!

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

අනේ මගේ පුතේ.. ඒ අම්මගේ වේදනාව මොහොතකට හරි ඇහුවා නම්.. මවගේ විලාප මැද LIVE ඇවිත් සියදිවිනසා ගත් වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි