2026 ශීත සෘතුවේ ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය හොල්ලන සුබ ආරංචිය මෙන්න

Report

2026 වසරේ ශීත සෘතුවේ දී ගුවන් සමාගම් කිහිපයක් ශ්‍රී ලංකාවට නව ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සදහන් කරයි .

ඔහු තව දුරටත් සදහන් කරන්නේ Vietnam Airlines, VietJet, Jetstar, British Airways, French Bee, S7 Airlines (JSC Siberia Airlines) සහ Supernova යන ගුවන්සේවා මෙලෙස ශ්‍රී ලංකාවට සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි

ඒ වගේම තුර්කි ගුවන් සේවය, එමිරේට්ස් සහ කටාර් ගුවන් සේවා ඔවුන්ගේ ගුවන් වාර ප්‍රමාණයන් මේ වන විටත් වැඩි කර ඇත