තෙල් වෙළඳපොළේ විශාල පෙරළියක්- ලෝක බොරතෙල් මිල හදිසියේ පහළට

Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 5% කින් පමණ ශීඝ්‍රයෙන් පහළ වැටී ඇත ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිල 5%කින් පහත වැටී බැරලයක් ඩොලර් 80.79ක් ලෙස සටහන්ව වෙයි.

ඒ වගේම බ්‍රෙන්ට් බොරතෙල් මිල ද 5% කින් පහත වැටී බැරලයක් ඩොලර් 83.87ක් දක්වා පහළ ගොස් ඇත

මැදපෙරදිග යුධමය තත්වය සටන් අවසන් කිරීම සඳහා වන එකඟතාවයට පැමිණීමට නියමිත බවත් ඒ හේතුවෙන් ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ මෙලෙස බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහත වැටී ඇත.

ඒ වගේම පසුගිය පෙබරවාරි අගභාගයේදී අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමත් සමඟ තෙල් මිල දැඩි ලෙස උච්චාවචනය වෙමින් පැවති අතර කිහිප වතාවක්ම තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ස්වාත් මිටියාවත ලෙයින් තෙත් වෙයි- පොලිසිය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14ක් ජීවිතක්ෂයට

ස්වාත් මිටියාවත ලෙයින් තෙත් වෙයි- පොලිසිය ඉදිරිපිට මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14ක් ජීවිතක්ෂයට

මෙම ගැටුම දිගින් දිගටම පැවතීම හේතුවෙන් ඉහළ ගිය තෙල් මිල; ගැසොලින්, ගුවන් යානා ඉන්ධන (jet fuel) සහ ඩීසල් මඟින් ප්‍රවාහනය කරනු ලබන අනෙකුත් බොහෝ නිෂ්පාදනවල පිරිවැය කෙරෙහි ද බලපා ඇත

මෙම හේතුවෙන් රථවාහන පදවන්නන්ට ඉන්ධන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදු වූ අතර, ගුවන් යානා ඉන්ධන මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන්ට ගුවන් ගමන් ගාස්තු සඳහා ද වැඩි පිරිවැයක් දැරීමට සිදු ව තිබෙන බව වාර්තා වෙයි