යුරෝපයම ගිනි ජාලාවක - මහා පරිමාණයේ ලැව්ගිනි ව්‍යාප්ත වෙයි

Report

ජූලි මාසය පුරා යුරෝපයේ පැතිර ගිය මහා පරිමාණයේ ලැව්ගිනි අගෝස්තු මාසය වනවිටත් තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතියි. ග්‍රීසිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ පෘතුගාලය වැනි රටවල දැඩි උණුසුම් කාලගුණය මෙන්ම මෙම ලැව්ගිනි හේතුවෙන් ජනතාව පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි.

ප්‍රංශයේ පැතිර යන ලැව්ගින්න මැඬපවත්වා ඇති බවයි ප්‍රංශ ජනාධිපතිවරයා පවසයි. මේ අතර, වසර ආරම්භයේ සිට මේ දක්වා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර 434,976ක භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව යුරෝපා සංගමය පවසයි.

යුරෝපය පුරා ලැව්ගිනි 1,407ක් හඳුනාගෙන ඇති අතර, ඒ හරහා කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 17.98ක් වායුගෝලයට එක්වී ඇති බවද සඳහන් වේ.

නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා - විශේෂ දැනුම්දීමක්

නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා - විශේෂ දැනුම්දීමක්

අගෝස්තු මාසයේදී ද උෂ්ණත්වය ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, තවත් ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ, ස්පෝකේන් නගරය ආසන්නයේ ද දැවැන්ත ලැව් ගින්නක් හටගෙන ඇත්තේ මෙවන් පසුබිමකයි. මෙම ලැව්ගිනි මේ වන විට අක්කර 3,000ක භූමි ප්‍රමාණයක පැතිර ඇති බව සඳහන් වේ. ලැව් ගිනි අවදානම හේතුවෙන් ආරක්ෂක අංශ විසින් ජනතාවට වහාම එම ස්ථානවලින් ඉවත් වන ලෙස දන්වා දන්වා තිබේ.