තද වැසි සහ සැර සුළං ගැන කාලගුණෙන් රතු එළියක් - දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100 පැන්නුම් වැසි

By Kanchana Aug 03, 2026 01:08 AM GMT
Report

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ .

සබරගමුව පළාතෙත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, වයඹ සහ උතුරු - මැද පළාත්වල වැසි වාර කීපයක් ඇති විය හැකිය.

දිස්ත්‍රික්ක හතරකට අනතුරු ඇඟවීම් - මේ ප්‍රදේශවල ජනතාව දැන්ම ප්‍රවේශම් වෙන්න

දිස්ත්‍රික්ක හතරකට අනතුරු ඇඟවීම් - මේ ප්‍රදේශවල ජනතාව දැන්ම ප්‍රවේශම් වෙන්න

එමෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ උතුරු - මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.