කකුලට දම් වැල් දමා දස වද දී කෘරත්වයට පත් දැරිය රෝහලට–නැන්දා රිමාන්ඩ්

norochchola alankudhava krishnasami juliyad juliyad dhevanandha tortured girl
By Sewvandhi Jul 26, 2021 03:30 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නොරෝච්චෝලේ ආලංකුඩාව ප්‍රදේශයේ 14 හැවිරිදි දැරියක වසර දෙකක් දම්වැල් දමා කුකුල් කොටුවක බැඳ දසවද දුන් ඇගේ නැන්දා අගොස්තු 2 දින දක්වා රිමාන්ඩ් බාරයේ තබා තිබෙනවා.

එමෙන්ම දැරියගේ පියා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් එම්.එම්.ඉක්බාල් මහතා නියෝග කර තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් බාරයේ තබා ඇත්තේ දැරියගේ නැන්දනිය බව කියන නොරොච්චෝල ආලංකුඩාව පදිංචි ක්‍රිෂ්නසාමි නිසංසලා නමැති 29 හැවිරිදි කාන්තාවක් සහ ක්‍රිෂ්නසාමි ජුලියඩ් දේවානන්ද නැමැති ඇගේ පියායි දැරියගේ පියා දැරියට රැකවරණය නොදිමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත්කර තිබූ අතර ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

  පොලිසිය දැරිය සොයා ගන්නා අවස්ථාවේදී දරුණු වද හිංසා වන්ට ලක්කර තිබෙන බවයි වාර්තා වන්නේ එසේම මෙම දැරිය පාසලකට පවා යවා නැති බවද සඳහන්.

නැන්දනිය ආහාර ලබා නොදීම නිසා රහසේ නිවසින් පැන ගොස් අවට නිවෙස් වලින් ආහාර සොරා ගැනීමටත් හුරුව ඇති බවද ඒ හේතුවෙන් මෙම පහර දීම් සිදුව ඇති බවද පොලිසිය අධිකරණය හමුවේ දන්වා තිබෙනවා.

  මේ වනවිට දැරිය පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා එසේම දැරියට නිසි ආහාර පවා ලබා නොදී ඇය දැඩි ලෙස කුසගින්නෙන් පීඩාවට පත්ව ඇති බවද සිදුකල පරීක්ෂණ වලදී සනාථ කරගෙන තිබෙනවා .

දැරියගේ සිරුර පුරා සෑම ස්ථානයක දරුණු පැරණි පිලිස්සුම් තුවාල ඇති බවත් ඒ සමගම හිසේ ස්ථාන කීපයකම දරුණු මට්ටමේ තුවාල ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ කියා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now