රිෂාඩ්ගේ බිරිඳ , පියා සහ සොහොයුරා ගැන පොලිසිය ගත් තීරණය
රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී මිය ගිය දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ, ඇගේ පියා සහ දැරිය රැගෙන පැමිණි පුද්ගලයා අද (24) පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හිටපු අමාත්‍යවරයාගේ නිවසේ ඊට පෙර සේවය කළ දැරියක් කරන ලද ප්‍රකාශයක් අනුව ලිංගික හිංසන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගේ සොහොයුරා ද අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 121 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අදාල නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ දක්වා පුද්ගලයින් 51,859 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට පැමිණි පුද්ගලයින් 584 දෙනෙකු ඔවුන් පැමිණි වාහන 235ක් සමඟ ආපසු හරවා යවා ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
