රාජ්‍ය ආයතන නිදහස වෙනුවෙන්, සතියක් කරන්න යන දේ ..රජයෙන් විශේෂ තීරණයක්..!
By Sewvandhi
75 වන නිදහස් දින සැමරු උළෙල නිමිත්තෙන් සතියක කාල සීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව, පෙබරවාරි මස 4වන දිනට යෙදෙන 75 වන නිදහස් දින උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සළකා පෙබරවාරි මස 1 වෙනිදා දින සිට 7 වනදා දක්වා ජාතික කොඩිය එසවීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඊට අදාළ චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අදාළ චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |