මෙන්න හැමෝම බලා සිටි රජයේ විශේෂ දීමනාව.. ලැබෙන අය මෙන්න රජයෙන් දැනුම්දීමක්..

Sri Lanka Cabinet Economy of Sri Lanka
By Sewvandhi Oct 03, 2024 11:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා අද ප්‍රකාශ කළා..

පසුගියදා රජය ප්‍රකාශ කළේ ගොවීන් සදහා ලබා දෙන පොහොර සහනාධාරය හෙක්ටයාරයක රුපියල් 25000 ලෙස ලබා දීමටයි. මේ සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වුණා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය. කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, පශු සම්පත්, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා සදහන් කළේ.. "අද උදේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණියා. සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් තිබ්බා.

විනිසුරුවරයෙකුටම මෙහෙම දෙයක් නම්..අපිට මොනවා නොවෙයිද.? වහාම ආරක්ෂාවත් තරකරයි..!

විනිසුරුවරයෙකුටම මෙහෙම දෙයක් නම්..අපිට මොනවා නොවෙයිද.? වහාම ආරක්ෂාවත් තරකරයි..!

එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී QR කේත ක්‍රමයක් සකස් කරන්න කියලා. එතකොට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වාර්තා වූ සැනින් අදාළ මුදල බැංකු ගත කිරීමේ ක්‍රමයකට ඉදිරියේදී යනවා." "රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවත් ඇති වෙන්නේ නැහැ.

රුපියල් 15,000ක් කලින් දීලා මැතිවරණයෙන් පසුව රු 10,000 ලබාදෙන විදියට සකස් කරන්නත් පුළුවන්. රු 25,000 වුණත් ලබාදීමේ ගැටලුවක් මං දකින්නේ නැහැ."

"මැතිවරණ කොමිසම දැනුම්දීලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කළාට පසුව කිසියම් ආකාරයක වැඩිකිරීමක් සිදුකර තිබෙනවා නම් එවන් වැඩි කිරීම් මැතිවරණයෙන් පසුව දෙන්න කියලා.

ඕන තරම් පොහොර තිබෙනවා." "මහ කන්නයේ වගා කරන හෙක්ටයාර් ලක්ෂ 8 සඳහා පොහොර ලබාදීමට රජයට රුපියල් බිලියන 20ක වියදමක් යනවා. ගොවියන්ගේ පුද්ගලික ගිණුමට සෘජුවම ඒ මුදල් බැර කිරීමේ ක්‍රමවේදයක් හදලා තියෙන්නේ."

ReeCha