මාතර බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කරයි

By Hashini Apr 23, 2025 02:18 AM GMT
Report

 මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසනවා.

එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගත් බව පොලීසිය පැවසීය.

එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබුණා. කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්‍රී කඳුළු ගැස් ප්‍රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පැවසුවා.

මාතර බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය - අහසට වෙඩි තබයි

මාතර බන්ධනාගාරයේ ඇතිවූ උණුසුම් තත්ත්වය - අහසට වෙඩි තබයි

තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගත් බව වාර්තා විය.

මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත්තේ මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී බව සඳහන්ය.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවූවන් 500 දෙනෙකු පමණ ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමඟ මෙම තත්ත්වය මතුව ඇති බව වාර්තා වනවා. 

අදත් පස්වරුවේ කාලගුණයේ ප්‍රබල වෙනසක්....

අදත් පස්වරුවේ කාලගුණයේ ප්‍රබල වෙනසක්....