විදුලි ගාස්තු ගැන අදහස් ලබා ගැනීම අද..

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Hashini Oct 18, 2023 03:41 AM GMT
Hashini

Hashini

Report

 විදුලි ගාස්තු සංශෝධනයට අදාළ මහජන අදහස් ලබා ගැනීම අද (18) සිදු කෙරෙනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම කටයුතු ආරම්භ වන බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ.

මෙහිදී කොමිෂන් සභාව වෙත වාචික මෙන්ම ලිඛිතව ද ජනතාවට විදුලි ගාස්තු සංශෝධනය පිලිබඳ අදහස් ඉදිරිපත් කළ හැකිය.

ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී ඇත්තේ ඉදිරි වසර දෙකක කාලයක් සඳහා විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළ නැංවීමේ අවශ්‍යතාව පවතින බවයි.

මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාල සීමාව තුල විදුලි බල මණ්ඩලයේ අපේක්ෂිත ආදායම හා වියදම අතර පරතරය කළමනාකරණය කර ගැනීමට මෙම ගාස්තු ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පවසනවා.

පසුගියදා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබුණේ විදුලි ගාස්ති සියයට 22කින් ඉහළ නැංවීම සඳහා ඉදිරිපත් කළ දත්තවල නොගැළපීම් පවතින බැවින් විදුලි පිරිවැය යළි ගණනය කරන ලෙසයි.


ReeCha