විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම්
විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ගමන් කිරීමට නොමිලේ ප්‍රවාහන පහසුකම් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා.
එම පහසුකම ලබා නොගන්නා අයට විශ්‍රාමික හැඳුනුම්පත ජාතික හැඳුනුම්පත හෝ දෙපාර්තමේන්තුවෙන් එවූ කෙටි පණිවුඩය පෙන්වා ගමන් කිරීමට අවසර පවතින බවයි ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය නිවේදනය කළේ.
අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද අදාළ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී මේබව තීරණය වී තිබෙනවා. විශ්‍රාම වැටුප ලබාගැනීම සඳහා තම නිවසේ සිට බැංකු හෝ තැපැල් කාර්යාල වෙත යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා යුද හමුදාව එක්ව සංවිධාන කර තිබෙනවා.
සියලුම රජයේ හා පෞද්ගලික බැංකු සහ තැපැල් කාර්යාල හෙට (10) සහ අනිද්දා (11) දිනවල විවෘතව තබන අතර තැපැල් කාර්යාල 12 වන සෙනසුරාදා ද විවෘතව තැබීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |