ලග්න රැසකට මංගල යෝග හා ධන යෝග...සිකුරු වැජඹෙන්නේ ඔබටයි
සිකුරු බලවත්ව සිටි වෘෂභ * කටක * කන්‍යා * වෘශ්චික * මකර * මීන ලග්න රැසකට ප්‍රබල මංගල යෝග උදා වෙයි. වෘෂභ * මිථුන * කන්‍යා * මකර * කුම්භ ලග්න රැසකට ධන බලය උදා වේ. මෙම ග්‍රහ මාරුව රටේ බොහෝ ජනතාවකට ශුභ වෙයි. ලස්සන වීමට උනන්දු වන කාන්තාවන්ට ස්වභාවධර්මයේ ආශිර්වාදයෙන් ද රූප ශෝභාව ඇති වෙයි.
කලා කටයුතු චිත්‍ර * නැටුම් * සංගීත ආදි දේ කරන අයට නව නිර්මාණ අදහස් ඇතිව කටයුතු කරන්නට එමගින් ජයගෙන දීමට කරුණු උදාවේ.
හොඳ කලා නිර්මාණ බිහිවෙයි. මෙම කාලය සෙම් අධික සෙම් රෝගවලින් පීඩා විඳින අයට තරමක් පීඩා තත්ත්වය වැඩිවීමට බලන බැවින් අධික සීතල දේවලින් ඈත්ව කාලය ගත කරන්න. මහා ධන බලයක් උදාවන බැවින් අතමිට සරුවී වෙළෙඳාම් ව්‍යාපාර දියුණු වෙන තත්ත්වයන් උදාවෙයි.
ලස්සන වාසනාවන්ත දරු පිළිසිඳ ගැනීම් හා වාසනාවන්ත ලස්සන දරු උපත් බිහි වීමට ද ශුභ වෙයි. රූපලාවණ්‍ය හා ලස්සන වීමට සිතන අයට ශුභ කාලයක් වෙයි. අලූතින් ඉඩම්, වාහන මිලදී ගන්න සිතන අයට ඒවාට හොඳ මාර්ග පෑදේ. අතමිට සරුවෙයි.
යහපත් මිතුරුරන් ඇති වෙයි. නමුත් රැවටීම්වලටත් අසුවීමට ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.
මේෂ ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශී ගතවීම මිත්‍රඵල උදා වෙයි.
විදේශ ගතවීම්වලට ශුභයි. ධන බලය ඇතිවේ. ඉගෙනීම් කටයුතුවලට ශුභයි. වරින් වර බාධක මතුවේ.
හිත කලකිරීම් මතුවේ. දුර බැහැර ගමන් යෙදේ. බඩේ රෝග, ආමාශගත රෝගවලට හේතු වෙයි.
උසස් වීම් ගරු නාමවලට ශුභ වෙයි. දෝෂ සඳහා පත්තිනි මෑණියන්ට කහ මල් පූජා කරලා තල තෙල් පහනක් දල්වා පිං දෙන්න.
වෘෂභ ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම ශුභයි. ප්‍රබල මංගල යෝග උදවීමට හා අලූත් මිතුරුකම් ඇති වෙයි.
නමුත් රැවටීම් ඇත. විනෝද ගමන් වන්දනා ගමන්වලට හිත යොමු වෙයි. ලැබීම්වලට ද ශුභයි. ප්‍රබල විදේශ ගතවීම් පවා ඇත. වෙළෙඳාම් ව්‍යාපාර දියුණුව ඇතිවෙයි. නමුත් සෙම් රෝගවලින් අසනීප වීම් හා බඩේ ආමාශගත රෝගවලට ද හේතුයි. පත්තිනි මෑණියන්ට කහ මල් වට්ටි 3ක් පූජා කරලා සෙත ලබාගන්න.
මිථුන ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම ශුභයි. ධන බලය උදා වේ. හිතවත්කම් අලූත්වේ. ඉගෙනීමේ කටයුතුවලටත් ශුභයි. වරින්වර වාසනාව උදාවේ. සෙම් අධික අය සෙම් රෝගවලින් ආරක්ෂා වන්න. වතුරින් ද අගුණ තත්ත්වයක් මතුවෙයි.
දෙපාවල රිදීම් ඒමට බලයි. බෝධි පූජාව තබා පත්තිනි මෑණියන්ට හා විෂ්ණු දෙවිට තල තෙල් පහන් දල්වා සෙත ලබාගන්න.
කටක ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම ගුණ අගුණ මිශ්‍ර වේ.
විදේශගත වීම්වලට ශුභයි. නමුත් ණය වීමට ඇත. හිත කලකිරීම් මතුවේ. මුදල් නාස්ති වීම් මාර්තු දක්වා ඇත. ඊට පසුව යම් සහන තත්ත්වයක් උදාවේ. ඉගෙනීමේ කටයුතුවලට ශුභයි. ස්ථානගත දෝෂ ප්‍රශ්න මතුවේ. ඒවාට බෝධි පූජා තබා කතරගම දෙවිට හා කාලි මෑණියන්ට මල් පහන් පූජා කරලා සෙත ලබාගන්න.
සිංහ ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම අශුභ පල උදාවෙයි. හදිසි රෝගීවීම් ඇත. සිකුරු දශාව ඇති නම් රෝහල් ගතවන තරම් අගුණයි. සෙම් රෝග හා මුත්‍රා සම්බන්ධ රෝග වකුගඩු සම්බන්ධ රෝගවලින් ආරක්ෂා වන්න. ඉගෙන ගන්නා අයට උනන්දුවේ ප්‍රතිඵල ලැබේ. සිකුරු දශාව ඇති අයට අගුණ බැවින් කිරි අම්මා දානය දීමෙන් හෝ කිරි අම්මා දානයට උදව් කිරීම, පත්තිනි මෑණිට කහ මල් පූජා කරලා තල තෙල් පහනක් දල්වා සෙත ලබාගන්න.
කන්‍යා ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම ශුභයි. ප්‍රබල මංගල යෝග උදාවෙයි. හිතවත් යාළු මිතුරුකම් ඇති වෙයි. හිතවත් අය උදව් කරයි. සිකුරු දශාව ශුභව බලවත්ව ඇති නම් විවාහ වීමට ඉතා ශුභ කාලයයි. ප්‍රේම සම්බන්ධ ස්ථිර වෙයි. අතමිට සරු වෙයි. ධන බලය උදා වේ. ඉගෙනීමේ ජය ද ඇත. නමුත් පිට අයට මුලාවීමට හා රැවටීමට ඇත. ප්‍රවේශම් වන්න. පත්තිනි මෑණිට සුදු නෙළුම් මල් 7ක් පූජා කරලා සෙත ලබාගන්න.
තුලා ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම ගුණ අගුණ මිශ්‍ර පල උදා කරයි. විදේශගත වීමට අදහස් කරන අයට යම් සහන තත්ත්වයක් උදා වෙයි. ඉගෙන ගන්නා අයටත් ශුභයි. ඉතිරි කරලා දියුණුවෙන්ට උත්සහ වන්ත අයට ලැබීමට වාසනාව ඇත. ගෙදර තරමක් ප්‍රශ්න මතු වුවත් ඒවා සමනය වීමක් ද ඇත. රෝග ලෙස මුත්‍රාවල දෝෂ, බඩේ රෝග මතුවේ. රහස් සතුරු කරදර ඒමට ඇත. විෂ්ණු හා පත්තිනි මෑණියන්ට මල් පහන් පූජා කරලා සෙත ලබාගන්න. වෘශ්චික ලග්නය ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම, ප්‍රබල මංගල යෝජනා උදා කරයි. නව හිත මිතුරුකම් ඇති වෙයි. හවුලේ කරන වැඩවලින් වාසි අත්වේ. ඉගෙන ගන්නා අයට ද යහපත් වේ. නමුත් වරින් වර හිත කලකිරීම් මතු වෙයි. රෝග ලෙස බඩේ ආමාශගත රෝග හා මුත්‍රාවල හෝ කොන්දේ රිදීම් ඒමට ඇත. පත්තිනි දේවිට කහ මල් පූජා කරලා කතරගම දෙවිටත් රතු නෙළුම් මල් 7 පූජා කරලා සෙත ලබා ගන්න.
ධනු ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම, ගෙදර දියුණුවට ශුභයි. ගෙදර ලස්සන කරන්නට සිතේ. වාහන ගන්න උනන්දු අයට හොඳ කාලයක් වෙයි. උපෙදස් දෙන උගන්වන රැකියා කරන අයට ශුභයි. කලා කටයුතුවලටත් ශුභයි. ප්‍රබල විදේශගත වීම් ද ඇත. ඉගෙනීම් කටයුතු කරන අයටත් ශුභයි. යහපතට බෝධි පූජා තබා විෂ්ණු කතරගම දෙවියන්ට මල් පහන් පූජා කරලා පින් දෙන්න.
මකර ලග්න
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම, ප්‍රබල මංගල යෝග උදා වේ. නව හිතවත් මිතුරු ඇසුරුවලට ශුභයි. ප්‍රේම සම්බන්ධතා මතුවේ. ඉගෙන ගන්න අයට ද ශුභයි. ධන බලය ලැබීම දියුණුව ගැන සිතා වැඩ කරන අයට ශුභයි. රෝග ලෙස බඩේ ආමාශගත රෝග මතුවේ. දෙපාවල රිදිම් මතු වෙයි. යපහත සඳහා විෂ්ණු හා පත්තිනි දේවිට මල් පහන් පූජා කරලා පින් දෙන්න.
කුම්භ ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම, ධන බලය ලැබීමට ශුභ වුවත් වරින් වර බාධා මතු වෙයි. හිත පීඩා කරයි. වෙළෙඳාම් කරන අයට ශුභයි. කතාවට මිනිසුන් වශීවන කාලයයි. කතාවේ බලය ඉස්මතු වෙයි. නමුත් වරින්වර වියදම් අධික වේ. ගෙදර දියුණුවට කටයුතු කරන අයට ශුභයි. පවුලේ සතුට හා සමගිය ඇති වෙයි. ධනබලයක් උදාවෙන බැවින් හදිසි ධනලාභ පවා ඇත. රෝග ලෙස ඇස්වල හා මුත්‍රාවල දෝෂ මතුවේ. යහපතට විෂ්ණු හා පත්තිනි මෑණියට මල් පහන් පූජා කරලා සෙත ලබාගන්න.
මීන ලග්නය
ඔබට සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම, ප්‍රබල මංගල යෝග උදා වෙයි. විවාහ ප්‍රමාද වුණ අයට නව පැතුම් ඉටුවෙන කාලයයි. වාසනා වන්ත දරු උපත් පිළිසිඳ ගන්නට ද ශුභයි. කා අතරත් හොඳ හිත දිනාගෙන කටයුතු කිරීමට ලැබේ. සමිති සමාගම්වල කටයුතු කරන අයට උසස් බව පිළිගැනීම ඇති වෙයි. රෝග ලෙස ඔළුවේ කැක්කුම හා වරින්වර සෙම් බව මතුවේ. යහපත සඳහා පත්තිනි මෑණිට සුදු නෙළුම් මල් 7ක් පූජා කරලා පින් දෙන්න. මෙම සිකුරු ග්‍රහයා මීන රාශිගත වීම ඔබට යහපත් වීමට නම් ඔබගේ කේන්ද්‍රය තුළ සිකුරු ග්‍රහයා බලවත්ව ශුභව ශුභ දෘෂ්ටි ලැබ පාප පීඩිත නැතිව සිටීම හා සිකුරු මහ දශාව හෝ අන්තර් දශාව ලබා ඇති නම් ඔබට ඉතාම ජය ගෙන දෙන ශුභ කාලයක් උදා වෙයි. එසේ නැතිව දුර්වලව සිටී නම් සිකුරු ඔබට කරදර බාධා පවුලේ ප්‍රශ්න රැකියා ප්‍රශ්න පවා මතු කරයි. නිතරම යහපත සඳහා කිරි අම්මා දානයට උදව් කරන්න. පත්තිනි මෑණිට කහ මල් පූජා කරලා පින් දෙන්න. සිකුරු මීනයට * ලග්න රැසකට මංගල යෝග හා ධන යෝග
