කොවිඩ් මර්දන කරල් භාවිතයට හදිසි අනුමැතිය..?

America covid19 vaccine tablet
By Sithumi Oct 11, 2021 04:44 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් ආසාදිතයින් ට ප්‍රතිකාර කිරීම සඳහා මර්ක් සමාගම විසින් ඔවුන් නිපදවා ඇති ඖෂධ කරල හදිසි භාවිතය සඳහා අමෙරිකානු ඖෂධ නියාමන ආයතනයේ අනුමැතිය ඉල්ලා තිබේ.

එම අනුමැතිය හිමිවුවහොත් කොවිඩ් වෛරසයට එරෙහිව භාවිත කෙරෙන පළමු ඖෂධ කරල බවට එය පත්වෙයි. එම කරල කොවිඩ් වැලඳී අසාධ්‍ය නොවූ රෝගීන් සඳහා භාවිත කළ හැකි බවය.

එසේ අනුමැතිය ලැබුණහොත් කොවිඩ් රෝගීන් ව නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීම පහසුවන බව එම සමාගම පැවසීය. එම කරල නියමිත මාත්‍රාව ලබාදීමෙන් කොවිඩ් රෝගීන් රෝහල්ගත කිරීම සහ මරණ 50%කින් පමණ අඩුකරගත හැකි වෙතැයි සඳහන් වෙයි.

මේ වනවිට ඔස්ට්‍රේලියාව, මැලේසියාව, දකුණු කොරියාව සහ සිංගප්පුරුව ඇතුළු රටවල් රැසක් එම ඖෂධ ඇණවුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now