අත්‍යවශ්‍ය සේවා පිළිබඳ තවත් ගැසට් නිවේදනයක්

gazette sathosa Gotabhaya rajapaksha
By Sewvandhi Jun 02, 2021 05:35 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශෙෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා එම අති විශෙෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේය.

එම ගැසට් නිවේදන අනුව, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටුකරනු ලබන සියලුම සේවාවන් හා තවත් ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර තිබේ.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery