වෛද්‍යවරුන්ගේ වයස් සීමාව සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
covid19
gazette
doctors
retire
By Sewvandhi
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව දීර්ඝ කෙරේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව දීර්ඝ කෙරේ July 1, 2021 06:48 am රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර තිබේ.
රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඊට අදාළ ගැසට් පත්‍රය ඊයේ (30) නිකුත් කෙරුණි. වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 20 වනදා අමාත්‍ය මණ්ඩල තීරණය කළේය.
මීට පෙර රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වු අතර එය පසුගිය වසරේ දි 61ක් දක්වා දීර්ඝ කර තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

