වහාම ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල සංශෝධනය කරයි..නව මිල ගණන් මෙන්න..

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව,

ලිට්‍රෝ 12.5kg සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 3,127 කි.

කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 58කින් සහ නව මිල රුපියල් 1256කින් ඉහළ ගොස් ඇත.

2.3kg සිලින්ඩරයක් රුපියල් 26 කින් වැඩි වූ අතර නව මිල රුපියල් 587 කි.

මේ අනුව, රුපියල් 900 ටත් වැඩි මුදලකින් ගෑස් මිල වැඩි වන්නට තිබියදී මෙවැනි අඩු ගණනකින් වැඩි කළ බවයි ලිට්‍රෝ සභාපතිවරයා පැවසුවේ.

වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


මේ අතර, අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදු කරනු ලැබුවේ ජුලි මාසයේදී වන අතර එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 204 කින් අඩු කර තිබුණා.


එමෙන්ම මිල සූත්‍රයට අනුව අගෝස්තු මාසයේ සංශෝධනයක් සිදු කළ යුතුව තිබුණද එම අවස්ථාවේ ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොකළ අතර ඒ අනුව මේ වන විට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 2,982 ක මිලකටයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,198 ක මිලකටත් කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 561 කටත් අලෙවි කෙරෙනවා.

Gallery