ගෑස් ගැන සෙසු රටවලින් පැමිණිලි නෑ

By Gagana Dec 05, 2021 04:29 AM GMT
Gagana

Gagana

Report

ලාෆ් ගෑස් සමාගම බංග්ලාදේශය, මියන්මාරය, මාලදිවයින, ඉන්දියාව සහ අප්‍රිකානු රටවල්වලට ගෑස් අපනයන කරන බවත් ලාෆ් ගෑස්වල ප්‍රශ්නයක් ඇති බවට එම රටවල්වලින් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.එච්.කේ. වෑගපිටිය මහතා පැවසීය.

ලාෆ් ගෑස් කර්මාන්තය ඉහළම ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යන බවත් පසුගිය වසර 25 පුරාම එම ජාත්‍යන්තර ප්‍රමිතිය අනුව ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන ගිය බවත් වෑගපිටිය මහතා සඳහන් කළේය.

ලාෆ් ගෑස් සම්බන්ධයෙන් ඇත්තේ වෙළෙඳපොලේ පවතින හිඟය බව කී සභාපතිවරයා ගෑස් ආනයනය සඳහා අවශ්‍ය ණයවර විවෘත කර දෙන්නේ නම් සති දෙක තුනක් තුළ අවශ්‍ය සම්පූර්ණ ගෑස් ගෙන්වා දිය හැකි බව ද ඔහු සඳහන් කළේය. සමස්ත ශ්‍රී ලංකාවටම ගෑස් සැපයීමට සිය සමාගමට හැකි බවත් වෑගපිටිය මහතා වැඩිදුරටත් කීය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
JOIN NOW


ReeCha