පාරිභොගික අධිකාරියෙන් හදිසි නියෝගයක්..ලංකාව පුරා කරන්න යන දේ.

Sri Lanka Gas Litro gas Custom service
By Aruna Dec 08, 2021 04:24 AM GMT
Aruna

Aruna

Report

දෙසැම්බර් 04ට පෙර බෙදා හැර ඇති සියලු ම සීල් තැබූ (භාවිතා නො කළ) LP ගෑස් සිලින්ඩර් දැනට නිවෙස්වල සහ වෙළෙඳසැල්වල ඇති සියලු ම ගෑස් සිලින්ඩර නැවත කැඳවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ලිට්‍රෝ ගෑස් සමාගමට උපදෙස් දී තිබෙනවා.

දිවයින පුරා සිදු වූ ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් පිළිබඳ සොයාබැලීමට ජනපතිවරයා විසින් පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව ඊයේ මාධ්‍යයට නිකුත් කෙරුණා.

එහි දී එම කමිටුව විසින් සිදු කළ පරීක්ෂණවල එක් නිරීක්ෂණයක් වූයේ, ගෑස් පීඩනය යම් තාක් දුරකට වැඩි වී ඇති බවයි.

ඒ හේතුවෙන් රෙගියුලේටර් සහ ගෑස් බට පුපුරා යෑම ඇතුළු නිරන්තර පරීක්ෂාවට ලක් නො වූ ගෑස් ලිප්වලට හානි වීමේ සිදුවීම් ද මෙම කමිටුවේ අවධානයට යොමු වී තිබෙනවා.

මෙම කමිටුව විසින් සිදු කළ නිර්දේශ සැලකිල්ලට ගනිමිනුයි ලිට්‍රෝ සමාගමට පාරිභෝගික අධිකාරි‍ය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇත්තේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now