හිමිකරු බලා සිටියදී හෝටලයක් ඔයට පෙරළෙයි (PHOTOS)

By Sewvandhi Nov 12, 2021 03:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ සිදුවූ නායයාමකින් ව්‍යාපාරික මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී අටබාගේ ඔයට පෙරළී තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ, පවතින අධික වර්ෂාව හේතුවෙන්  (නොවැ. 10) රාත්‍රියේ මෙම ගොඩනැගිල්ල නාය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය ප්‍රකාශ කළ බව ය.

මෙය හෝටලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් වන අතර එහි සිටි අයිතිකරු සහ ඔහුගේ පුතු ඊයේ (නොවැ. 10) රාත්‍රියේදී හෝටලය වසා දමා එළියට පැමිණි අවස්ථාවේදී මෙම ගොඩනැගිල්ල නාය ගොස් තිබේ.

හෝටලේ අයිතිකරු සහ ඔහුගේ පුත්‍රයා හෝටලය අසල පිහිටි නිවසක පදිංචිව සිටින අතර එම නිවසේ කොටසක් ද නායයාමට හසුව තිබේ. වාර්තාකරු සඳහන් කළේ, මෙම සිද්ධියෙන් කිසිදු පුද්ගල හානියක් සිදු වී නොමැති අතර ඒ අසල සිටින නිවැසියන් මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව ය.

මේ අතර, ගම්පොළ පොලිසියේ වැඩබලන ස්ථානාධිපති කපිල බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ හේතුවෙන් නුවරඑළිය මාර්ගය පුපුරා ගොස් ඇති බැවින් වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ය.

--------------------------------------------------------------------

ලංකාවටම වෙලා තියන විනාශය එකම වීඩියෝවකින්..-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW

 

GalleryGalleryGalleryGallery
ReeCha