ගම්පහ ප්‍රදේශයේ ජල කප්පාදුව අද

By Dilasha Mar 27, 2025 04:10 AM GMT
Report

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (27) උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා ජලය අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.

මේ අනුව පෑලියගොඩ, වත්තල, ජාඇළ, කටුනායක,සීදුව, යන නගර සභා බල ප්‍රදේශ සහ කැළණිය,බියගම,මහර,දොම්පේ, කටාන සහ මිනුවන්ගොඩ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ ජලය අත්හිටුවන බව සඳහන් කරයි.

බියගම ජල පවිත්‍රාගාරයේ පවතින විදුලි පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි 



අපරාධකරුවකුගේ ටැටූ එකක් ඇතුළේ මනෝවිද්‍යාත්මක කියවීමක් තියෙනවා

අපරාධකරුවකුගේ ටැටූ එකක් ඇතුළේ මනෝවිද්‍යාත්මක කියවීමක් තියෙනවා


මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ගුවන් පාලමක් හදිසියේ කඩා වැටේ

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ගුවන් පාලමක් හදිසියේ කඩා වැටේ