මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ගුවන් පාලමක් හදිසියේ කඩා වැටේ

By Dilasha Mar 27, 2025 12:48 AM GMT
Report

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මගී ගුවන් පාලමක් හදිසියේ කඩාවැටේ.

මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානයේ මගී ගුවන් පාලම හදිසියේ කඩාවැටී ඇති බව වාර්තා වේ.

ඊයේ (26) රාත්‍රී 7.40ට පමණ මෙය සිදුව ඇති අතර පාලම කඩාවැටෙන අවස්ථාවේ දී කිසිවෙක් හෝ ඒ මත ගමන්කර නොමැති අතර, කිසිදු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති බව සඳහන් වේ.

ගාල්ල දෙසට දුම්රියක් ධාවනය වී මඳ වේලාවකට පසු පාලම කඩාවැටී තිබේ.

මොරටුව සිට පානදුර දක්වා ධාවනය වන මංතීරුව මේ වනවිට අවහිර වී ඇති අතර, එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදු වන අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්මික නිලධාරීන් සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පැමිණ දුම්රිය මාර්ගය හරහා කඩාවැටී ඇති පාලමේ සුන්බුන් කොටස් ඉවත්කරමින් සිටියි.

අද (27) උදෑසන වනවිට දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයෙන් ධාවනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 

Trending News

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

කොළඹ පුරහල අවට අද සිදුවුණු දේ මෙන්න

අපරාධකරුවකුගේ ටැටූ එකක් ඇතුළේ මනෝවිද්‍යාත්මක කියවීමක් තියෙනවා

අපරාධකරුවකුගේ ටැටූ එකක් ඇතුළේ මනෝවිද්‍යාත්මක කියවීමක් තියෙනවා

දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක බවුසර් රථ අනතුර

දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක බවුසර් රථ අනතුර

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ශ්‍රී ලංකා පාසල් සිසුන්ගේ භයානක ප්‍රවණතා: සමාජ මාධ්‍ය බලපෑම හෙළිවෙයි

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.

ජොන්ස්ටන්ගේ සතොස නඩුව ගැන අද දුන් නියෝගය.