බැංකු ඇතුලු මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සළකා බැලීම ගාමිණී ලොකුගේට
By Sithumi
බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා නිතරඟයෙන් තේරි පත්ව තිබෙනවා.
ඒ මහතා තේරී පත් වූයේ රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් එම කාරක සභාව අද (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, අභිනව සභාපතිවරයා අදහස් දක්වමින් කමිටුවේ කටයුතු සාර්ථකව පවත්වා ගැනීමට සියළු සාමාජික මන්ත්‍රීවරයන්ගේ සහයෝගය ඉල්ලා සිට තිබෙනවා.
පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේ ඊට අමතරව කාරක සභාවේ විෂය පථයට අදාළ ආයතන ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කිරීමට ද මෙහිදී කමිටු සාමාජිකත්වය එකඟ වූ බවයි. මෙම කාරක සභාව පිහිටුවා ඇත්තේ ශ්‍රී ලංකාවේ බැංකුකරණ, රක්ෂණ සහ වෙනත් මූල්‍ය ක්ෂේත්‍ර සේවාවන්හි කටයතුවලට අදාළ ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සලකා බැලීම සඳහායි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
