ගාල්ල දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට. සෞඛ්‍ය අංශයෙන් අනතරු ඇඟවීමක්.

Galle Sri Lanka Ministry of Health Sri Lanka HIV Symptoms
By Wayomi Jan 06, 2023 11:19 AM GMT
Wayomi

Wayomi

Report

ගාල්ල දිස්ත්‍රික්කයේ HIV ආසාදිතයින්ගේ ප්‍රතිශතය ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ හේතුවෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් ද කලබලයට පත්ව සිටින බවද සඳහන්.

2021 වසරේ මහමෝදර රෝහලේ HIV ආසාදිතයින් 25 දෙනෙකු සහ 2022 වසර තුළ HIV ආසාදිතයින් 36 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි ගාල්ල මහමෝදර රෝහලේ ලිංගාශ්‍රිත රෝග නිවාරණ ඒකකයේ වෛද්‍ය නිලධාරිනී දර්ශනී විජේවික්‍රම මහත්මිය පවසන්නේ.

කෙසේ වෙතත් රෝගය වැළඳුණු තවත් රෝගීන් සිටින බවත් තවමත් හඳුනාගෙන නොමැති බවත්, ඔවුන්ගෙන් බහුතරය වයස අවුරුදු 20ට වැඩි පිරිමින් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.

එමෙන්ම පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටින් රෝගීන් 427ක් වාර්තා වී තිබෙනවා.

මේ අතර 1986 සැප්තැම්බර් මාසයේ සිට මෙරටින් පළමු HIV ආසාදිතයා වාර්තා වූ දා සිට හඳුනාගත් මුළු රෝගීන් සංඛ්‍යාව 4831ක්.

කෙසේ වෙතත් වෛද්‍ය විජේවික්‍රම මහත්මිය අනතුරු අඟවන්නේ, ඒඩ්ස් රෝගය මෙරට භයානක මට්ටමින් පැතිර යමින් පවතින බවයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW