අරගලයට සහය වෙමින් එතෙර අවුරුදු උත්සවත් නවතියි..!

Galle sri Lanka water tank Akmeemana Bataduwa
By Sewvandhi Apr 15, 2022 01:27 PM GMT
Sewvandhi

Sewvandhi

Report

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් සංවිධානය කරන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව රැසක් ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බව විදේශවල සිටින ශ්‍රී ලාංකිකයෝ පවසති.

ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, දකුණු කොරියාව සහ ජපානය යන රටවල්වල මීට පෙර වසරවල පැවැති අලුත් අවුරුදු උත්සව රැසක් අවලංගු කිරීමට කටයුතු කර තිබේ.

කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන අවුරුදු උත්සවය ද අවලංගු කර ඇති බව කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ පවසති.

රජයට එරෙහිව ගාලුමුවදොර කේන්ද්‍රකරගනිමින් පැවැත්වෙන අඛණ්ඩ විරෝධතාවයට සහාය දැක්වීමට එම සංවිධායකයන් බොහොමයක් තීරණය කර ඇති බවත් බොහෝ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මේ වනවිටත් එම රටවල බොහෝ ස්ථානවලදී රජයට එරෙහිව විරෝධතා පවත්වමින් සිටින බවත් ශ්‍රී ලාංකිකයෝ පවසති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now